
බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට වාර්තා වූ සූකර ප්‍රජනන හා ශ්වසන රෝගය (ඌරන් ආශ්‍රිතව) දිවයිනේ පළාත් කිහිපයකින්ම වාර්තා වී තිබෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මෙම රෝග තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය කරන තාක්ෂණික වැඩපිළිවෙළක් යොදා තිබෙන බවත්,
එසේ වුවත් දින කිහිපයකට පෙර ලබා ගන්නා ලද නව සාම්පල් කිහිපයක් පරීක්ෂා කිරීමේදී මෙය අප්‍රිකානු සූකර උණ රෝග තත්වය බවට තහවුරු වී තිබෙන බවද පෙන්වා දෙයි.
මෙම රෝග තත්ත්වය දකුණු ආසියානු කලාපීය රටවලින්ද පසුගිය කාලයේදී වාර්තා වී තිබෙන බවත්, මේ වන විට පළමු වරට මෙරට තුළින්ද වාර්තා වී තිබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මෙම රෝග තත්ත්වය පැතිරයාම වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත්, මේ අනුව රසායනාගාර පරීක්ෂාවක් මගින් මෙම රෝග තත්ත්වය තහවුරු වන්නේ නම් අදාළ ස්ථානවලට මුද්‍රා තැබීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සියලුම පළාත් අධ්‍යක්ෂවරුන්ට, රජයේ පශු වෛද්‍යවරුන්ට පශු විමර්ශන නිලධාරීන්ට දැනුම් දී ඇත.
මීට අමතරව මෙම රෝග තත්ත්වය පැතිර යාම වළක්වා ගැනීම සඳහා උපදෙස් රැසක් අදාළ බලධාරීන්ට ලබා තිබේ. පසුගිය කාලසීමාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂාවක් සිදුකරනු තිබේ. එම පරීක්ෂාවට අනුව ඌරන්ට වැලඳී ඇති අදාළ රෝගී තත්ත්වය දකුණු ආසියානු රටවලද මෑතකදී වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වය බවට අනාවරණය වී ඇත.
(එච් අයි තුෂාර)
Comments
Post a Comment
Your comment will be visible after approval