
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.
අදාළ ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ (14) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකළ දැනුම් දීමකට අනුව ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇති බව සඳහන්ය.
ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ උප සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුරුවලින් ඉල්ලා අස්වූ බවට ලිඛිතව දැනුම් දී තිබේ.
ඊට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ද සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
2020 වර්ෂයේ දී පත්කෙරුණු වත්මන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සාමාජිකයින්ගේ නිල කාලය ලබන වසරේ මාර්තු මාසයේ අවසන් වීමට නියමිතව තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval