
බැඳුම්කර වංචාවට අදාළව චෝදනා තිබෙන මහ බැංකු නිලධාරීන් කිහිපදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
මහ බැංකුව ඇතුළේ අභ්‍යන්තර පරීක්ෂණ නිසා ඒ ගැන තමා සඳහන් කිරීම සුදුසු නොවන බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණ ගැන මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.
නීතිපතිවරයාගේ උපදෙස් අනුව මහ බැංකු බැඳුම්කර වංචාව ගැන චෝදනා එල්ල වී ඇති මහ බැංකු නිලධාරීන් ගැන අභ්‍යන්තර පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යන බවද මහ බැංකු අධිපතිවරයා කියයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Comments
Post a Comment
Your comment will be visible after approval