
බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් 2023 සැප්තැම්බර් 05 වන දින විකාශය කළ 'Sri Lanka Easter Bombings' වාර්තා වැඩසටහනේ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කමිටු වාර්තාවෙන් හෙළිදරව් වී ඇතැයි කියමින්
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද මාධ්‍ය හමුවක් පැවැත්වීය.
වැඩසටහනේ ප්‍රධාන චෝදනාවක් වූ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සහ ත්‍රස්තවාදී සහරාන් අතර 2018 පෙබරවාරි මාසයේ පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී හමුවක් පැවැත්වූ බවට අසාද් මවුලානා නැමැත්තා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු කීය.
2018 පෙබරවාරි මාසයට අයත් දිනවලින් එකම දිනයකදීවත් සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම නැගෙනහිර පළාතෙන් පිටතට ගොස් නැති බවද ඔහු කීය.
කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව වත්මන් ආණ්ඩුවද විමර්ශනයක් ආරම්භ කර තිබෙන පසුබිමක ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා උත්සහ කරන්නේ එම විමර්ශනවලට බාධා කිරීමක් බවත් ඔහුගේ උත්සාහය මේ මොහොතේ දේශපාලන වාසි ලබා ගැනීම බවත් ප්‍රධාන වශයෙන් කතෝලික සභාව අවධාරණය කර තිබේ.
තමන් හෙළිදරව් කරන කරුණු සම්බන්ධයෙන් මඩ ගැසීමට කටයුතු නොකර ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේය.
මෙම සුරේෂ් සලේ සම්බන්ධ ඇත්ත තත්වය ඒ දිනවල මාධ්‍ය ඔස්සේද හෙළිවූ අතර චැනල්4 වැඩසටහන එතරම් ආන්දෝලනයක් ඇති කර තිබුනේද නැත. නමුත් මින් ඉහත රටේ ප්‍රසිද්ධවූ කරුනුද පුනපුනා කියමින් අලුත් හෙළිදරව්වක් ලෙස හඟවමින් උදය ගම්මංපිල මහතා කතා කළ අතර මහජන මුදලින් සැකසු වාර්තා මහ ජනතාවට දැන ගැනීමේ ශුද්ධ වූ අයිතිය වෙනුවෙන් තමන් පෙනී සිටින බවද කීය.
අනාගත පාර්ලිමේන්තුවට ජනතාව තමන් තෝරාගත හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගය කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්යන් දෙකම ඉටුකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ජාතියෙන් සමාව ගෙන රවී සෙනෙවිරත්න ඉවත්කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට තවමත් පවතින බවත් එය නොකළ හොත් පමණක් දෝෂාභියෝගය ඉදිරිපත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ, රිෂාඩ් බදුර්දීන් සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා කෙටුම්පත් කරමින් එම හැකියාව ප්‍රදර්ශනය කර ඇති බව කී ඒ මහතා ජනතාව තමන් පාර්ලිමේන්තුවට නොයැවුවද ‘සර්වජන බලය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.
උදය ගම්මන්පිල තමාගේ වසර 25 ක පමණ ඉතිහාසය තුළ ආණ්ඩුව කරන වංචා දූෂණ හෙළිදරව් කිරීම් ප්‍රදර්ශනය කර ඇති බව ද ඒ මහතාම වැඩි දුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval