
විශේෂ කාර්ය බළකායේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ඇතුළු තිදෙනකුට අයත් රුපියල් ලක්ෂ විසි පහකට ආසන්න වටිනාකමින් යුත් රන් මාල තුනක්, රන්සුර දෙකක් කොල්ල කා පලා ගිය ගුවන් හමුදාවේ හිටපු සාමාන්‍ය සෙබළකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි (26) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි. සැකකරු තවත් පුද්ගලයකු හා යතුරුපැදියකින් පැමිණ හෝමාගම හිරිපිටිය ප්‍රදේශය හරහා යතුරුපැදියක යමින් සිටි විශේෂ කාර්ය බළකායේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට පහර දී ගෙල බැඳි පවුම් තුනක් වටිනා රන්මාලයක් හා රන් සුර දෙකක් ඉකුත් 15 දා කොල්ල කා පලා ගොස් තිබුණි.
මේ සම්බන්ධයෙන් නුගේගොඩ 5 කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි වෙදමුල්ල මහතා කොට්ටාව පොලිසියට පොලිසියට අනුයුක්ත නුගේගොඩ කොට්ඨාස අපරාධ විශේෂ විමර්ශන කාර්යාංශයේ
ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතාට උපදෙස් ලබාදී තිබුණේ කඩිනමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි. ඒ අනුව සිදුකළ විමර්ශනයේදී පාදුක්ක, අංගම්පිටිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටි සැකකරු කොල්ලය සඳහා භාවිත කළ යතුරුපැදිය එම අවස්ථාවේ හැඳ සිටි ඇඳුම සමග අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම කොල්ලය සිදුකළ දිනයේදීම පිළියන්දල පොලිස් වසමේ පිංහේන හන්දියේදී පවුම් 04 හා සිද්ධමුල්ල ප්‍රදේශයේදී පවුමක රන් මාලයක් කොල්ල කා තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබිණි. සකකරු සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකදී ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ බළකායේ සෙබළකු ලෙස සේවය කොට ඉන් ඉවත්ව තම ජීවනෝපාය සඳහා
තවත් කිහිප දෙනෙකු හා එක්ව කණ්ඩායමක් ලෙස රන් භාණ්ඩ දේපළ හා මුදල් කොල්ලකෑමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් තිබේ.
මෙම කොල්ල කෑම් අතරින් කිහිපයක් පොලිස් නිල ඇඳුමින් සැරසී සිදුකළ ඒවා බවත් නිවෙස් බිඳ දේපළ කොල්ලකෑමේ සිද්ධීන් අතරතුරදී එම නිවැසියන්ට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදුකොට සිදු කළ ඒවා බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.
දේපොළ කොල්ලකෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිට දැනට ඇප මත නිදහස්ව සිටින්නෙකි.සැකකරු ගුවන් හමුදාවෙන් ඉවත් වී ජීවනෝපාය සඳහා ව්‍යාපාරයක් ලෙස මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර ඉන් උපයා ගන්නා මුදලින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇතැයි පැවසේ. අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval