
තමන් ජනාධිපති උපදේශක ලෙස කටයුතු කරන සමයේ තමාට ලබා දුන් පෝර්ෂේ වාහනය මුලින් ගෙන්වා ඇත්තේ මීට වසර දහයකට පෙර වෙනත් අයෙකුට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශිකා රෝසි සේනානායක මහත්මිය අද (2) ප්‍රකාශ කළාය.
"මෙය මීට වසර දහයකට පෙර අමාත්‍යාංශයකට අනුයුක්ත ප්‍රබලයෙකු විසින් භාවිතා කර ඇති බව මට පවසා තිබෙනවා. මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපති උපදේශක ධූරය දරපු කෙටි කාලය තුළ පාවිච්චි කරන්න මට වාහන අටක් දීලා, ඒ හැම එකක්ම ඉඳලා හිටලා කැඩෙනවා, පෝර්ෂේ දුන්නා, ඉන්ධන වැඩි නිසා ඒක භාරගන්න එපා කියලා තිබුනේ ඒකත් පස්සෙ කැඩෙන්න ගත්තා. ඩිකිය අරින්න බැහැ. සන්රූෆ් එක වේයො කාලා.මම එය මැතිවරණයට පෙර ආපසු ලබා දුන්නා,ගෝල්ෛ්ස් පිටියට දාපු එකකුත් නෙමේ" ඇය පැවසුවාය.
Comments
Post a Comment
Your comment will be visible after approval