
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සඟවා ඇති බවට කරන චෝදනා ඔප්පු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අභියෝග කරයි.
දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ වීඩියෝවකට ප්‍රතිචාර දක්වමින් නාමල් කියා සිටියේ වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම මහජන මුදල් සොරකම් කළ බවට ප්‍රකාශ කරන බවයි.
“අපි උගන්ඩාවේ සහ විවිධ රටවල ඩොලර් බිලියන ගණනක මුදල් හංගලා තියෙනවා කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ චෝදනා කරනවා. ජනාධිපති ඒ.කේ.ඩී.ට තම චෝදනා ඔප්පු කිරීමට දැන් කාලය පැමිණ තිබේ” යැයි රාජපක්ෂ 'X' හි පළ කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval