
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණය සම්පූර්ණයෙන්ම නිමවන තෙක් එම විභාගය සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් නොගන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ අධ්‍යාපන ලේකම්වරියට ලිඛිතව දැනුම් දුන්නේය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවූ බවට මවුපියන් පිරිසක් මානව හිමිකම් කොමිෂන් සභාවට සිදුකළ පැමිණිල්ලක් විමර්ශනය කරමින් එම කොමිෂන් සභාව අධ්‍යාපන ලේකම්වරියට මෙම දැනුම් දීම සිදුකර ඇත.මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ මවුපියෝ පිරිසක් ඊයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රශ්න පත්‍රය පිටවූ බවට ඔවුන් සතුව තිබෙන ලිඛිත සාක්ෂි කිහිපයක් බාර දුන් බවද වාර්තාවේ.
(රංජන් කස්තුරි)
Comments
Post a Comment
Your comment will be visible after approval