
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) සමත් විය.
සිව්වැනි දිනය සඳහා අද (29) තරගය ආරම්භ කරනවිට ලකුණු 514ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබාගෙන තිබුණි.
පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 602ක් ලබා ගත් අතර නවසීලන්ත කණ්ඩායමට පළමු ඉනිම සඳහා ලබා ගත හැකි වූයේ ලකුණු 88ක් පමණයි.
සිය දෙවෙනි ඉනිම ආරම්භ කරමින් නැවතත් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 360 පමණි.
ශ්‍රී ලංකාවේ පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 116 ද කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 106ක් ලබා ගත්තේය.
තරගයේ වීරයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන ලබාගත් අතර තරගාවලියේ වීරයා වූයේ ප්‍රභාත් ජයසූරියයි.

Comments
Post a Comment
Your comment will be visible after approval