
ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ කොට්ඨාසය කේන්ද්‍රකරගත් විශේෂ එජාප ක්‍රියාකාරීන්ගේ හමුවක් පෙරේදා (28) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති අතර එහිදී හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් සම්මත කර ගනු ලැබ ඇත.
මෙම හමුවේදී එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුද මෙම අවස්තාවට එක්ව සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval