
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ආරම්භ කළ අතර අද සවස 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ඇත.
උදෑසනම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තම ඡන්දය ප්‍රකාශ කර සාමකාමීව සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
ඡන්ද දායකයින් සිය ඡන්ද දැන්වීම් පත්‍රිකාව සහ සිය අනන්‍යතාව තහවුරු කළ හැකි ජාතික හැඳුනුම්පත් හෝ රියැදුරු බලපත්‍රය, ගුවන් ගමන් බලපත්‍රය හෝ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා පිලිගත් ලියවිල්ල රැගෙන ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා සිටියි.
ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති නම් එවැනි පුද්ගලයින්ට තම ඡන්ද මධ්‍යස්ථානයේ දී අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත හැකි බව ද සදහන් කරයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනකු ඉදිරිපත් වූ අතර ඒ අතරින් එක් අපේක්ෂකයකූ වූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ මියගියේය.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායක 17,140,354ක් සුදුසුකම් ලබා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval