
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා (26) දින සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත්‍රාත් ලනස්ජි රත්නායක මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුට තරයේ අවවාද කර රු ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැර යලිත් මෙම නඩුව ලබන මස (28) දින කැදවිමට නියෝග කලාය.
සැකකරු ඉකුත් (21) දින ජාතික ජන බලවේගයට සහය දක්වන නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිලධාරිනියකට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වෙත ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නාවලපිටිය පොලිසිය පියවර ගැණින.
පැමිණිලිකාරිනිය විසින්ද සැකකරුට බැන තර්ජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු නාවලපිටිය පොලිසිය වෙත කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන්ද විමර්ෂණයක් සිදු කර අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලෙසට නියෝග කල බවයි නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසිය.
Comments
Post a Comment
Your comment will be visible after approval