
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානි සිනමා ශාලාවේ පැවැති ජන හමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.
රැස්වීම පැවැත්වෙන අතරතුරදී පාසල් සිසුවෙකු හා විශ්වවිද්‍යාල සිසුවෙකු රැස්වීම් ශාලාවට ඇතුළු වීමට උත්සාහ දැරීමේදී එහි සිටි නිලධාරීන් පරීක්ෂාවට ලක් කර තිබෙන අතර ඔවුන් සන්තකයේ ප්ලාස්ටික් පිස්තෝලයක් තිබී හමුවීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන වැලිමඩ පොලීසියට භාරදී ඇත.
රැස්වීම් ශාලාවේ සිටින හව්පියන් හමුවී තමන් ආපසු නිවෙස් බලා යන බවට දැනුම් දීමට රැස්වීම් ශාලාවට පැමිණි බව සිසුන් දෙදෙනා ප්‍රකාශ කර තිබෙන අතර පිස්තෝල සෙල්ලම් ඒවා බව ආරංචි වීමෙන් පසු ඔවුන් අවවාද කර මුදා හැර ඇතැයි වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval