
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දින කිහිපයේ අධික වෙහෙසට පත්වීම නිසා උණ වැළඳීමෙන් පසු විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාතර දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේ තමා එහි ආවේ අනුර දිසානායක වෙනුවෙන් බවත් අනුර දිසානායක මහතාට සනීප නැති නිසා මෙම රැලියට සහභාගී වීමට නොහැකි වූ බවත්ය.
“අනුරට සනීප නෑ පහුගිය දවස් ටිකේ මහන්සි වුණ නිසා ලෙඩවෙලා. අද උදේ ඒකත් වැඩි උනා.ඒ නිසා එයාගේ ඩොක්ටර්ස්ලා උපදෙස් දීලා තියෙනවා අඩුම තරමේ දවසක්වත් විවේක ගන්න කියලා.අපි තීරණය කළා එයාට අදට විවේකයක් දෙන්න.”ඔහු පැවසීය.
කෙසේ වෙතත් අනුර දිසානායක සෙනසුරාදා පෙරවරුවේ කොළඹදී පැවති NPP නීතීඥ සමුළුවට සහ ක්‍රීඩා සමුළුවට සහභාගී විය.
Comments
Post a Comment
Your comment will be visible after approval