
දේශපාලන කටයුතුවල නියැලි ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනකු මැතිවරණ රාජකාරී කටයුතුවලින් ඉවත් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එම්.පී. සුමනසේකර මහතා පැවැසීය.දේශපාලන කටයුතුවල සිටි රාජ්‍ය නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයට පැමිණිලි ලැබී තිබිණ.
ඒ අනුව විමර්ශන පවත්වා ඉන් නිලධාරීන් නව දෙනකුගේ මැතිවරණ රාජකාරි කටයුතු මෙසේ අත්හිට වූ හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස් ජයාන් ලක්මාල් මහතා පැවැසීය.තවත් නිලධාරිනියක සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව ද ඔහු කීවේය.
මෙසේ නිරතව පැමිණිලි පිරිසට ලැබුණු වෛද්‍යවරුන් තිදෙනකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු, විදුහල්පතිවරුන් නව දෙනකු නියෝජ්‍ය විදුහල්පතිවරයකු සහ ගුරුවරුන් සිවු දෙනකු සමග සමෘද්ධි කළමනාකරුවකු ද ඇතුළත්ව ඇතැයි ඔහු සඳහන් කළේය.
මැතිවරණ රාජකාරී කටයුතුවලින් ඉවත් කළ පිරිස සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි ද සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පැවැසීය. චෝදනා එල්ල වූ නිලධාරීන් කිහිප දෙනකු ඇතැම් ජනාධිපති අපේක්ෂකයන්ගේ රැස්වීම්වල කතා පවත්වා තිබූ බවට තොරතුරු හෙළිවී ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග පවසයි.
(සනත් ගමගේ)
Comments
Post a Comment
Your comment will be visible after approval