
අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් වැදගත් තීරණයක් ගෙන ඇත. විභාගයේ පළමු කොටසේ ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න තුනක් කලින් පිටවීම පිළිබඳව සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුව මගින් නිර්දේශ කර ඇත්තේ:
කලින් පිටවූ බවට සැලකෙන ප්‍රශ්න තුනට අදාළව සියලුම සිසුන්ට සම්පූර්ණ ලකුණු ලබා දීමට.
විභාගය නැවත නොපැවැත්වීමට.
නියමිත පරිදි ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදු කර, සියලු දරුවන්ගේ ශිෂ්‍යත්ව ලකුණු හැකි ඉක්මනින් ලබා දීමට.
මෙම තීරණ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval