
ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.
මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති අතර සැකකරුවන්ගේ ඡායාරූප 03 පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
පසුගිය ජූලි 8 වනදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ටී 56 ගිනිඅවිවලින් වෙඩිතබා ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු ඝාතනය කර තිබූ අතර එම වෙඩිතැබීමෙන් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලැබීය.
සැකකරුවන්ගේ විස්තර –
01. සම්පූර්ණ නම – තාරුකර වරුණ ඉන්දික ද සිල්වා නොහොත් “සංඛ”
ජාතික හැඳුනුම්පත් අංකය – 951350753V
02. සම්පූර්ණ නම – පැටි හරඹගේ අජිත් රෝහණ නොහොත් “චණ්ඩි”
ජාතික හැඳුනුම්පත් අංකය – 199207801772
ලිපිනය – අංක 655/ඒ, මාකුඹුර, අහුන්ගල්ල
03. සම්පූර්ණ නම – මුතුවා දුර තරිඳු මදුසංඛ ද සිල්වා නොහොත් “බහිරවයා”
ඉහත නම් සඳහන් සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දුරකතන අංක
1. ස්ථානාධිපති, අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත දකුණ – 072-4222223
2. ස්ථානාධිපති, අතුරුගිරිය පොලිස් ස්ථානය – 071-8591657

Comments
Post a Comment
Your comment will be visible after approval