
ඊයේ (2) පැරිස් ඔලිම්පික් මීටර 800 කාන්තා දිවීමේ තරගයේ මූලික වටයේ තරගයේ අවසන් හෙවත් 08 වන ස්ථානයට පත්වූ තරුෂි කරුණාරත්න හට පරාජිතයින් සඳහා අවස්ථාව ලබාදෙන දෙවන තරග අවස්ථාවට අද දින පෙනී සිටීමට අවස්ථාව උදාවූ නමුත් එහිදීද තරුෂි දක්වන ලද්දේ අවම දක්ෂතාය.
ඇය මෙවර 7 වැනියා බවට පත්වූවාසේම අැගේ තරග කාලය විශේෂ වර්ධනයක් ඇති කරගන්නට අසමත්වූවාය.
ඊයේ ඇගේ තරග කාලය විනාඩි 2:07.76 ක් වූ අතර අද දින එය විනාඩි 2:06:66 ක් විය. ඇය තායිලන්තයේ ආසියානු ශූරතාවලියේ රන් පදක්කම දිනුවේ විනාඩි 2:00.66 කිනි.
අද පැවති ඉසව්වේ ජයග්‍රහණය ජර්මානු ක්‍රීඩිකාවට අත්වූ අතර 1, 2 හා 3 ස්ථාන ලද සියල්ලන් මිනිත්තු 2 ට අඩු තරග කාලයක් වාර්තා කර තිබුණි.
මේ අනුව තරුෂි කරුනාරත්නට තරගාවලියෙන් ඉවත්වන්නට සිදුවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval