
තලතා අතුකෝරාල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් පසු හිස්වන මන්ත්‍රී ධුරයට හිටපු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පත්වීමට නියමිතය.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ තලතා අතුකෝරාල මහත්මිය මැති සබයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ලැයිස්තුවේ මීළඟට සිටින්නේ හිටපු මන්ත්‍රීවරයකු වන කරුණාරත්න පරණවිතාන මහතාය.
කරුණාරත්න පරණවිතාන මහතා පාඨලී චම්පික රණවක මහතාගේ එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන අතර එම පෙරමුණ මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval