
ජනාධිපතිවරණයේදී තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන බවට විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා ඊයේ (21දා) සභා ගර්භය මැදින් ගොස් විපක්ෂයේ අසුන් ගත්තේ ය.
විපක්ෂයට යෑමට පෙර මන්ත්‍රීවරයා මෙසේ කීවේය.
ජනතාව මා තෝරා පත්කර ගත්තේ ද පොදුජන පෙරමුණ කෙරෙහි වැඩි විශ්වාසයක් තැබුවේ ද විශාල පරිවර්තනයක් සිදු කරමින් නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය රකිමින් දරුවන්ගේ අනාගතය පැහැපත් කරනු ඇතැයි විශ්වාසයෙන්. නමුත් අපේ නායකයන් ඒ බලාපොරොත්තු විනාශ කළා. හැටනව ලක්ෂයේ ජනවරම සම්පූර්ණයෙන්ම විනාශ කළා. එහෙත් අපි පූජනීය ලෙස විශ්වාසය තැබූ බලාපොරොත්තු ඉටු කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උත්සාහ කරන බව පෙනෙනවා. ආර්ථිකය ගොඩනැගීම සඳහා ද එතුමා තුළ විශිෂ්ට දැක්මක් ඇති බව ඔප්පු කර තිබෙනවා. රටේ අනාගතය වෙනුවෙන් මම අද දේශපාලන තීන්දුවක් ගන්නවා. ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම මගේ බලාපොරොත්තුවයි. රාජ්‍යය විනාශය කරා ගෙන යන වත්මන් පාලනය කොන්දේසි විරහිතව පරාජය කළ යුතුයි.
Comments
Post a Comment
Your comment will be visible after approval