
ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වන කරුණු අඩංගු දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලදැයි චෝදනාව මත නීතිඥභාවය අත්හිටුවා සිටින නීතිඥ ධර්මසිරි කරුණාරත්න මහතා, “බුදු අම්මෝ” යැයි කෑගසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිහිසුන්ව ඇද වැටුණේය.කරුණාරත්න මහතා මෙසේ සිහිසුන්ව ඇද වැටුණේ, ඒ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලූ අවස්ථාවේදීය.
කරුණාරත්න මහතා සිහිසුන්ව ඇද වැටීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණ ආරක්ෂක අංශය සහ බන්ධනාගාර නිලධාරීන් පැමිණ, ඒ මහතා රෝද පුටුවක තබා ඉවතට රැගෙන යනු ලැබීය.රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින ඒ මහතා, බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියේය.ඒ අනුව, මෙම පැමිණිල්ල ඔක්තෝබර් 30 වැනිදා විභාගයට ගැනීමට දින නියම කෙරිණි. එතෙක්, කරුණාරත්න මහතා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ද අධිකරණයෙන් නියෝග කෙරිණි.එම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.
(රන්ජන් කටුගම්පොළ)
Comments
Post a Comment
Your comment will be visible after approval