
ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් විරසකව සිටි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්, දේශපාලනයේ දී සදාකාලික හතුරන් හෝ සදාකාලික මිතුරන් නොමැත යන කියමන පසක් කරමින් එකම වේදිකාවේ එකට සුහදව අල්ලාප සල්ලාපයේ යෙදුණු දසුනයි මේ.
දෙදෙනා මෙසේ එකට සිටියේ ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ඊයේ (28) අකුරණ නගරාසන්නයේ පැවැති ප්‍රචාරක රැලියේ වේදිකාවේ ය. පහරකෑමට ලක්වීමෙන් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට සිදුවූ ආබාධය හේතුවෙන් ඔහු තවමත් ගමන් කරන්නේ ද අත්වාරුවෙනි.
(ධම්මික ගුණවර්ධන)

Comments
Post a Comment
Your comment will be visible after approval