
සිය දියණියගේ රූපලාවණ්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණ සිටියදී පියගැටපෙළෙන් පය ලිස්සා ඇද වැටී, තුවාල වූ මවක ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි
හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ, පිළියන්දල සිද්ධමුල්ල අංක 120හි පදිංචි, වීරසිංහ පතිරණගේ නන්දාවතී නමැති, 78 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.මෙම කාන්තාව හෝමාගම නගර මධ්‍යයේ තෙමහල් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ සිය දියණිය විසින් විවෘත කිරීමට නියමිතව තිබූ රූපලාවණ්‍යාගාරයට පැමිණ සිටියදී දෙවැනි මහලේ සිට පළමු මහලට පියගැටපෙළෙන් බැස යාමට සූදානම් වෙද්දී, පය ලිස්සා අඩි හතරක් පමණ පහළට ඇද වැටී අනතුරට ලක්ව ඇත.අනතුරින් ඇයගේ හිසට බරපතළ තුවාල සිදුව බිම වැටී සිටියදී, ඒ බව දුටු සැමියා ක්ෂණිකව ක්‍රියාත්මක වී පැමිණ සිටි පිරිසගේ සහායෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගොස් තිබේ.
මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම මරණ පරීක්ෂක,
සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා ඉකුත් 12 වැනිදා සිදු කළ අතර, මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි, වෛද්‍ය දමිත් අත්තනායක මහතා විසින් සිදු කරනු ලැබීය.සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල් (97582) තිලකරත්න මහතා පරීක්ෂණ මෙහෙය වීය.
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
Comments
Post a Comment
Your comment will be visible after approval