
අම්පාර ප්‍රදේශයේ ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් හා සියදිවි නසා ගැනීමක් සම්බන්ධ විස්තර වාර්තාවේ.
අම්පාර, නාමල්ඔය සහ ඉඟිනියාල ප්‍රදේශවල සිදුකළ වෙඩි තැබිම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි පොලීසිය පැවසුවේ අද අලුයම 2.45ට පමණ නාමල්ඔය ප්‍රදේශයේ නිවසක දී වෙඩිතබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කර ඇති බවයි.
මියගිය පොලිස් නිලධාරියා මොනරාගල කරාඬුගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඉන්පසු ඔහු වාසය කරන ඉඟිනියාගල, නෙල්ලියද්ද ප්‍රදේශයේ නිවසක දී 54 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණිය වෙඩිතබා ඝාතනය කර තිබෙන බව වාර්තාවේ.
මෙම ත්‍රීත්ව ඝාතන සිදුකළ 42 හැවිරිදි පොලිස් කොස්තාපල්වරා අනතුරුව සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
මේ වන විට සිදුකළ මූලික විමර්ශන වලට අනුව පොලිසිය සැකකකරනු ලබන්නේ සියදිවි නසාගත් පොලිස් නිලධාරියා හා ඝාතනය වූ කොස්තාපල් වරයා කරාඬුගල පොලිස් ස්ථානයේ එකට රාජකාරී කර ඇති අය වන අතර කිසියම් පුද්ගලික ආරවුලක් මත පොලිස් කොස්තාපල්වරයාට, කාන්තාවට සහ දියණියට වෙඩිතබා පසුව ඔහු ද වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.
අම්පාර කොට්ඨාසභාර වැඩ බලන පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ඉගිනියාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval