
සීනි මට්ටම දැක්වෙන වර්ණ සංකේත ඇතුළු සංඝටක සඳහන් නොකර ආහාර විකිණීමට ඉදිරිපත් කරන ලදැයි ෆැබ් ෆුඩ් සමාගම සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අධිකරණය හමුවේ ඊයේ (17 වැනිදා) නඩුවක් පවරන ලදී.
ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඩබ්ලිව්.ජී.සී. ධනංජය ගමගේ විසින් චෝදනා 5ක් යටතේ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබේ.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස රත්මලාන, අත්තිඩිය පාරේ පිහිටි අදාළ ආහාර අලෙවි කරන සමාගම, එහි අධ්‍යක්ෂවරුන් වන කොල්ලුපිටිය පදිංචි උපාලි ගෝඨාභය මදනායක, හිරුන් අර්ජුන සුරේන් මදනායක, නන්දනී චන්ද්‍රලතා මදනායක, රෝෂණී දේවිකා මදනායක, ඩිලානි ටමාරා විජේසේකර, බ්‍රැන්ඩිගම්පොළගේ දිමිත්‍රි රාහුල් පෙරේරා, බ්‍රැන්ඩිගම්පොළගේ හේමන්ත වසන්ත පෙරේරා නම් කර තිබිණි.
ශ්‍රී ලංකාව තුළ වූ ඇසුරුම්කරුගේ හෝ බෙදාහරින්නාගේ නම සහ ලිපිනය කුමන හෝ රාමුවක නොදැක්වෙන ‘මික්ස්ෆෘට් ජූස්’ නමැති ආහාර විකිණීමට ඉදිරිපත් කිරීම,
එම ආහාරය සම්බන්ධයෙන් විස්තර ප්‍රකාශ දැක්වෙන ලේබලයක් ඇසුරුමේ පැහැදිලිව හා ප්‍රකටව විදහා නොදක්වා එය විකිණීමට ඉදිරිපත් කිරීම, අඩංගු සංඝටකවල සම්පූර්ණ ලැයිස්තුවක් ඉදිරිපත් නොකිරීම, සීනි මට්ටම් සඳහා වර්ණ සංකේතවත් කර නොමැති ආහාරය විකිණීමට ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ අංක බී 22740/05 යටතේ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval