woman-theft-arrested

දකුණු පළාතේ ප්‍රසිද්ධ අවන්හලක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් කෝටි 15 කට ආසන්න මුදලක් ලබාගෙන එය ලබා නොදී වංචා කර සැඟව සිටි මහා පරිමාණ වංචාකාරියක වන 54 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.අත්අඩංගුවට ගත් සැකකාරිය මීට පෙර

මහේස්ත්‍රාත්වරියක ලෙස පෙනී සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කර රිමාන්ඩ් ගත වූ සැකකාරියකගෙන් රුපියල් හය ලක්ෂයකට අධික මුදලක් ලබා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ තැනැත්තියක බව පොලිසිය කියයි.සැකකාරිය පරිහරණය කළ අති සුඛෝභෝගී මෝටර් රථයක්, ස්මාට් වර්ගයේ ජංගම දුරකතන හතරක් හා ලැෆ් ටොෆ් පරිගණක දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.



කොළඹ  අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේදී මිතුරකුගේ නඩුවක් සඳහා පැමිණි අවස්ථාවේදී තමාගේ මිතුරන් දෙදෙනෙකු මාර්ගයෙන් මෙම කාන්තාව හඳුනාගත් බවත් අනතුරුව තමාගේ යෙහෙළියක වශයෙන් විශ්වාසය දිනා ගනිමින් නැවත ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් 14 කෝටි අනුපන් ලක්ෂයක මුදලක් අවස්ථා හතරකදී ඉල්ලා ගත් බවත් එම ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.එම කාන්තාව ව්‍යාපාර කටයුතු කරන බවත් ආනයනය කරන ලද ඩිපෙන්ඩර් රථ සහ ප්‍රාඩෝ රථ කීපයක් රේගුවෙන් නිදහස් කර ගැනීමට තිබෙන හෙයින් ඒවා නිදහස් කර ගැනීමෙන් අනතුරුව එම වාහන වලින් කීපයක් සහ කොළඹ ප්‍රදේශයේ ඉඩම් තමන් වෙත ලබාදෙන පොරොන්දු වීමෙන් බවට පොරොන්දුවීමෙන් අනතුරුව  මෙම කාන්තාවට තමන් විසින් කොළඹ අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේදී 2023 අප්‍රේල් මාසයේ දිනක ප්‍රථමයෙන් කෝටි 5 මුදලක් ඒ ආකාරයෙන් වරින් වර කෝටි 4 1/2 ලක්ෂ 50 ක් හා අවසන් වරට 4 කෝටි අනූපන් ලක්ෂයක මුදලක් ලබා දුන් බවත් ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය.

එයින් පසු මෙම කාන්තාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පවා තමන් වෙත දැනගැනීමට නොලැබුණු බවත් ඇය තම මුදල් ලබා නොදී සැඟව ඇති බවත්

ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වූ බව පොලිසිය සඳහන් කරයි.අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකාරිය කිරිබත්ගොඩ, මාවරමණ්ඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂණවලදී ඇය මීට පෙරද මහා පරිමාණ පරිමාණ මුදල් වංචා රැසකට සම්බන්ධ තැනැත්තියක  බවට අනාවරණය වූ බව   පොලිසිය කියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සමීපතමයකු බව අඟවමින් මීට පෙර ද මුදල් වංචා රැසක් සිදු කර ඇති බවත් සැකකාරියට විරුද්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ, කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්අ ධිකරණයේ, මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මුදල් වංචා නඩු රැසක් තිබෙන තැනැත්තියක බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.සැකකාරිය මහේස්ත්‍රාත්වරියක ලෙස පෙනී සිට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලබා

රිමාන්ඩ් ගත වූ සැකකාරියකගෙන් රුපියල් 6 ලක්ෂ 36000 ක මුදලක් ලබා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබූ තැනැත්තියක බවත් ඊට අමතරව ව්‍යාජ විදේශ ගමන් බල පත්‍ර සැකසීම, චෙක්පත් ලබා දීම ආදී වංචා රැසකට සම්බන්ධ තැනැත්තියක බවත් වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.කළුතර විශේෂ අපරාධ විමර්ශනය අංශය මගින් කළුතර මහාධිකරණයේ" නඩුවකට වරෙන්තු ද නිකුත්ව ඇති තැනැත්තියක බව පොලිසිය කියයි. මාකොළ, මාකොළ දකුණ පදිංචිකාරියක වන සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ