sa-beats-bangladesh-t20wc

සඳුදා පැවති දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර ක්‍රිකට් T20 WC තරඟයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 4 කින් බංග්ලාදේශය පරාජය කළේය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 113ක් රැස් කළ අතර දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් අවසන් ඕවරයේදී කඩුලු 2ක් දවාගැනීමටද සමත් විය.
අනතුරුව පිළිතුරු ඉනිමේදී බංග්ලාදේශයට ලබාගත හැකිවූයේ ඕවර 20කදී ලකුණු 109/7ක් පමණි.
අවසන් ඕවරය උද්වේගකර එකක් විය. දකුණු අප්‍රිකාව ත්‍රාසජනක තරඟයකින් බංග්ලාදේශය ලකුණු 4 කින් පරාජය කළේය.ලකුණු 11 ක් ලබාගත යුතුව තිබූ අවසන් ඕවරයේදී කඩුළු 2 ක් දැවීයාම නිසා අවශ්‍ය ඉලක්කයට බංග්ලාදේශ පිලට යාමට නොහැකි විය.