
ස්විට්සර්ලන්තයේ කෞතුකාගාරවල තැන්පත් කර තිබූ ශ්‍රී ලාංකික ආදිවාසීන්ගේ ඇටසැකිලි 12ක්, හිස් කබල් 30ක් සහ කිලෝග්‍රෑම් 400ක් බර කෞතුක භාණ්ඩ මෙරටට රැගෙනවිත් තිබෙයි.
පසුගිය වසරේ නෙදර්ලන්තයේ කෞතුක වස්තු සාර්ථකව මෙරටට ගෙන්වා ගැනීමත් සමඟ ස්විට්සර්ලන්තයේ ඇති මෙම මානව අවශේෂ සහ කෞතුක වස්තු යළි මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබූ බව
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
ස්විට්සර්ලන්තයේ බාසල් කෞතුකාගාරයෙන් මෙරටට රැගෙන ආ දේශීය මානව අවශේෂ සහ පුරාවස්තු ඇතුළත් ප්‍රදර්ශනයක් ද බදාදා කොළඹදී පැවැත්විණි. මෙයට ආදිවාසි නායක වන්නිල එත්තෝද සහභාගි වූහ.
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ස්විට්සර්ලන්ත රජය සමඟ
විධිමත් ගිවිසුමක් මගින් මෙම භාණ්ඩ මෙරටට ගෙන්වාගෙන ඇති බව වාර්තාවිය.

Comments
Post a Comment
Your comment will be visible after approval