
සොරාගත් රන් භාණ්ඩ පෙම්වතියට තෑගි බෝග ගැනීමට රජයේ බැංකුවක උකස් කිරීමට පෙම්වතියගේ පියා සමඟ ගිය අවස්ථාවක ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත්වූ බව පොලිසිය කියයි.
පුතා නිවසේ තිබූ රන් ආභරණ සොරාගෙන පලා ගිය බව දැනගත් පියා පුතා සොයද්දී පුතා සොරාගත් රන් භාණ්ඩ උකස් කිරීමට යන බවට ලද තොරතුරක් මත පුතා සහ පෙම්වතියගේ පියා අත්අඩංගුවට ගෙන ඇත.
පෙම්වතියගේ 54 හැවිරිදි පියා මෙම සොර කමට අනුබලදී ඇති බව හෙලි විය.
රන් ආභරණ සහ මුදල් සුරක්ෂිතව තබා පියා සිය ව්‍යාපාරය සඳහා පිටත්ව ගොස් ඇති වෙලාවත නිවසට ඇතුළු වූ පුතා එතැනින් සොරාගෙන නිවසින් පැන ගොස් තිබුනි.
එහිදී උකස් කිරීමට තිබූ චේන් 3ක්, මුදු 4ක්, පෙන්ඩන්ට් 3ක්, අත් මාංචුවක් සහ කරාබු ජෝඩු දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම රන් භාණ්ඩ උකස් කර පෙම්වතියට තෑගි බෝග මිලදී ගැනීමට අවශ්‍ය වූ බව පොලිස් විමර්ශනයේදී ඔහු කියා සිටියේය.
මේ අතර නිවසින් රුපියල් 58,000 ක් මුදල්ද සොරාගෙන තිබූ අතර අත්අඩංගුවට පත්වන විට එයින් රුපියල් පන්සියයකටත් අඩු මුදලක් ඔහු සතුව තිබූ අතර එම සොරාගත් මුදලින් තම පෙම්වතියට ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ පවර් බෑන්ක් දෙකක් මිලදී ගැනීමට වියදම් කර ඇතැයි පවසා ඇත.
23 හැවිරිදි සැකකරු හා 54 හැවිරිදි පෙම්වතියගේ පියා මේ වන විට අත්අඩංගුවට ගෙන ගල්ගමුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval