
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගය අද උදෑසන පවත්වා අවසන්වූ අතර එහිදී දකුනු අප්‍රිකාව ඇෆ්ගනිස්තානය පරදා පහසු ජයක් අත්කරගත්තේය.
ලෝක කුසලානයට කෝඩුකාරයින්වූ ඇෆ්ගනිස්තානය මෙහිදී ඕවර 11.5 ක් තුළ 56 කට මුළුමනින් දවාගැනීමට දකුනු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් විය. ලකුණු 10 ක උපරිමය ලබාගත්තේ අසමතුල්ලා පමණි. අනෙක් සියලු ඇෆ්ගන් ක්‍රීඩකයින් සුලු ලකුණු වලට දැවී ගියහ. පන්දු යැවීමේදී ජැන්සෙන් හා ෂම්සි කඩුළු 3 බැගින් ලබාගන්නා ලදි.
දකුනු අප්‍රිකාව මෙම පහසු ඉලක්කය ඕවර 8.5 කදී එක් කඩුල්ලක් පමණක් දැවී පසුකරන ලදි.
ඒ අනුව විස්සයි20 ලෝක කුසලාන අවසන් මහ තරගයට දකුනු අප්‍රිකාව සුදුසුකම් ලබාගත්තේය.
මේ අතර අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 08 ආරම්භ වීමට නියමිතයි.
එහිදී ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම තරගවැදීමටයි නියමිතය.


Comments
Post a Comment
Your comment will be visible after approval