
ඉන්දීය ප්‍රකෝටිපති අම්බානිගේ පුත් ආනන්ද් අම්බානිගේ නිල විවාහ උත්සවය ලබන මාසයේදී පැවැත්වීමට නියමිතයි.මෙට පෙර පූර්ව සැමරුම් දෙකක්ද පවත්වා නිල වශයෙන් එය පැවැත්වීමට යන්නේ ලබන මාසයේය. තම පුතාට සාර්ථක විවාහයක් ප්‍රාර්ථනා කරමින් මව නීතා අම්බානි වරනාසි වෙත ගොස් කාෂි විශ්වනාත් කෝවිලේ යාඥා කළාය.
ඉන්පසු ඇය එතැන පාරේ තිබූ කෙටි කෑම කඩයට ගොස් මහජනතාව සමඟ වාඩි වී ස්වභාවිකව කතා කරමින් කෙටි කෑමවල රස බැලුවාය. ඇය අල මසාලා වලින් සාදන ලද කෙටි කෑමට ප්‍රිය කළ අතර, එය පිරිනැමූ කඩහිමියා සමඟ එහි රසවත් පිළියෙළ කිරීම ගැන කතා කළාය. ඇගේ ස්වභාවික කථාව බොහෝ දෙනාගේ සිත් ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම අවස්ථාව වීඩියෝවට නගා එරට ප්‍රධාන පෙළේ මාධ්‍ය වෙබ් අඩවිවල පළ වී ඇති අතර එය ඉතා ජනප්‍රිය විය.
Comments
Post a Comment
Your comment will be visible after approval