
හෙට (27) දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
හෙට (27) දින සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව එම අමාත්‍යංශය සදහන් කළේය.
නමුත් හෙට (27) දිනයේදීද ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය.
අද පැවති ගුරු විරෝධතා ලෙඩ නිවාඩු හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල් අක්‍රීය වූ බවට වාර්තා පළව තිබේ.
ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධතා ලෙඩ නිවාඩුව අද (26) පමණක් සිදුකරන්නට මින් ඉහත තීරණය වුවත් අද කොටුවේදී ගුරුවරුන් පොලිස් ප්‍රහාරයට ලක්වීම හේතු කොට ලෙඩ නිවාඩු හෙටට (27) ත් දමන බවට තීරණ වෙනස් කරන ලදි.
Comments
Post a Comment
Your comment will be visible after approval