roshan-speaks-twenty20-world-cup

ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ මේ දිනවල ශ්‍රී ලංකාව සහභාගී වන විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යාමට ඇති හැකියාව ගැන රූපවාහිනී නාලිකාවකට පැමිණ විස්තරයක් කර තිබේ.
ඒ මෙසේය.




"නේපාල හා නෙදර්ලන්ත තරග දෙකම ලංකාව දිනන්න ඕන. ලැබෙන ලකුණු මට්ටම් අපිට පාලනය කරන්න බැරි සාධක.
ඊළඟට එක ටීම් එකක් මැච් හතරම දිනන්න ඕන. බොහෝ විට දකුණු අප්‍රිකාව තමයි ඒ. තව එක ටීම් එකක් මැච් හතරම පරදින්න ඕන බොහෝ විට නේපාලය තමයි ඉන්නේ දැන්.
මෙහෙම  වුණොත් අපට කාණ්ඩයේ උඩ ස්ථාන දෙක අරන් ඊළඟ වටයට යන්න පුළුවන්.
අපේ කොලිටි එකයි ටැලන්ට් එකයි අඩුවක් නෑනෙ. ඒකනෙ ඇත්ත . නමුත් මම ඉඳලා තියෙනවා ඩ්රෙසිං රූම් වල  පරදින්න පටන් ගත්තහම ඒක බෝවෙන රෝගයක්. මේක මැනේජ් කරන එක තමයි ලොකුම චැලේන්ජ් එක. ශ්රී ලංකා ටීම් එකට කොන්ෆිඩන්ස් අවශ්යයි. මැච් දෙකක් පැරදිලා ඉවර වෙලා මේක දිනන්න පුළුවන් කියන එක සෙල්ෆ් කොන්ෆිඩන්ස් කියන එකට මාර වැදගත් මේකයි මම හිතන්නෙ."