
පරසන්ගස්වැව ප්‍රදේශයේ පාසලක 15 හැවිරිදි සිසුවකුට මුඛයෙන් ලේ ගලන තුරුම පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ සිසුන් අට දෙනකු පෙරේදා (22) අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදගම, අඹගස්වැව හා පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචි 10 ශ්‍රේණියේ සිසුන් අට දෙනකු වන අතර, පහර කෑමට ලක්ව ඇත්තේ ද එම පාසලේම 10 ශ්‍රේණියේ සියඹලාගස්වැව, පරසන්ගස්වැව පදිංචි සිසුවකු බව පොලිසිය කියයි. පහර කෑමට ලක්වූ සිසුවාගේ මවුපියන් පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන ඇත.පාසලේදී ඇතිවූ බහින්බස්වීමක් මුල්කර ගනිමින් පසුගිය 21 වැනිදා පාසලේදීම මෙ සිසුවාට පහරදී ඇතැයි පොලිසිය පැවැසීය. තුවාල ලැබූ සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, අත්අඩංගුවට ගැනුණ සිසුන් පොලිස් ඇප මත මුදා හැර වැඩිදුර විභාගය අද (24) පැවැත්වීමට නියමිතය.
දයාරත්න ඇබෝගම
Comments
Post a Comment
Your comment will be visible after approval