
මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ළමා රෝහලේ ශල්‍යකරිම සදහා භාවිත කරන ලික්නොකේන් නමැති එන්නත මාස කීපයක සිට දැඩි ලෙස හිඟව පවතින බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. රෝගී ස්ථානීය නිර්වින්දනය කිරීමේදී භාවිතා කරන එම එන්නත නොමැති වීමෙන් මහනුවර ජාතික රෝහලේ විවිධ ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය දැඩි ලෙස අපහසුතාවට පත්වන බව ද එම ආරංචි මාර්ග කියයි.
මීට අමතරව පේරාදෙණිය ළමා රෝහලේ ලික්නොකේන් නමැති එම එන්නත නොමැති වීමෙන් කුඩා දරුවන්ගේ ශල්‍යකර්ම කිරීමේ දී දැඩි ලෙස බාධා වන බව ද වාර්තාවේ.
රෝහල්වල පාලන අධිකාරිය එම එන්නත් හිඟය පිළිබඳව කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇතත් එම එන්නත සැපයීම මේ වනතෙක් සිදුව නැතැයි ද පැවැසේ. ඖෂධ හිඟය පිළිබඳව මහනුවර ජාතික රෝහලෙන් සහ පේරාදෙණිය රෝහලෙන් කළ විමසීම්වලදී එම රෝහල්වල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයන් දෙදෙනෙකු සඳහන් කළේ ඖෂධ වර්ගවල විටින් විට හිඟයක් පවතින නමුත් අත්‍ය වශ්‍ය වූ විටෙකදී ඒවා හදිසි මිලදී ගැනීම් යටතේ ලබාගෙන රෝගී සත්කාර සේවා ඉටුකරන බවය. එම නිර්වින්දන ඖෂධ වර්ග ද විටින් විට හදිසි මිලදී ගැනීම් යටතේ ලබාගන්නා බවද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෝ සඳහන් කළහ.
රංජන් කස්තුරි
Comments
Post a Comment
Your comment will be visible after approval