
අයිඑස් සංවිධානය සමග සෘජු සම්බන්ධතා පැවැත් වූයේ යැයි කියන ඔස්මන්ඞ් ජෙරාඞ් නමැත්තා දෙමටගොඩ ප්‍රදේශයේ සැඟව සිටිය දී පෙරේදා රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය පවසයි.අත්අඩංගුවට ගැනුණ මෙම සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර වැඩිදුර පරීක්ෂණ සඳහා පැය 72 ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දෙන්නකුට රුපියල් ලක්ෂ විස්සක මුදල් පරිත්‍යාගයක් කරන බවට පොලිස් මූලස්ථානය ඔහුගේ ඡායාරූපයක් ද සමග පසුගියදා නිවේදනය කළේය. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් යැයි කියමින් ඉන්දියාවේ දී පසුගියදා අත්අඩංගුවට ගත් ලාංකිකයන් සිව් දෙනා සමග සම්බන්ධතා පැවැත්වූ බව කියමින් අඩංගුවට ගැනුණ සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ජෙරාඩ් නමැත්තා ගැන තොරතුරු අනාවරණය වූ බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවැසේ.
කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සහ රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව ලැබුණු තොරතුරක් මත කරන ලද වැටලීමකදී මොහු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. අයි.එස්.අයි.එස්. සංවිධානය සමග සම්බන්ධතා පැවැත් වූ බව කියමින් හලාවත ප්‍රදේශයේදී එකම පවුලේ සහෝදරයන් දෙදෙනකුද, මාවනැල්ල ප්‍රදේශයේදී දෙදෙනකු ද ඇතුළු සැකකරුවෝ හය දෙනෙක් දැනට පොලිස් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval