little-people-mount-lavinia

 “ලිට්ල් පීපල්ස් ඇසෝසියේෂන් සංගමය” (මිටි මිනිසුන්ගේ) සාමාජිකත්වය එකමුතුවෙන් වාහන සේදීමේ වැඩසටහනක් ඉකුත් (9) ගල්කිස්ස සුසාන භූමිය ඉදිරිපිට ගාලුපාර දී උදේ 9.00 සිට ප.ව.3.00 දක්වා කාලයේදී ක්‍රියාත්මක කෙරුණි.මෙම වැඩ සටහනට එම සංගමයේ සභාපතිනී දර්ශනී නානායක්කාර මහත්මිය, ලේකම් ජනේෂ් චන්දිමාල්, උප සභාපති සචින් රත්නවීර, උප ලේකම් චමීර, සාමාජික කාරක සභික දීපිකා, දිනුර, ෂෝන්, ශර්මා, කුමාරි, මනෝජ්, දිනිති ඇතුළු සාමාජික පිරිසක් එක්ව සිටියහ.මෙහිදී සංගමයේ සභාපතිනී දර්ශනී නානායක්කාර මහත්මිය මෙසේ පැවසීය.

"අද මේ වාහන සේදීමේ වැඩසටහනින් බලාපොරොත්තු වන්නේ කුඩා මිනිසුන් වශයෙන් සමාජයේ අනෙකුත් අය මෙන් කළ නොහැක්කක් නොමැත කියන්නයි. අප සංගමය දීර්ඝකාලීනව කටයුතු කරමින් සමාජ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ලංකාව පුරා සාමාජිකත්වය 225 කට වැඩිය එකතු කරගන්න හැකි වී තිබෙනවා. ඒ අය අතර විවිධ ක්‍රියාකාරකම් වලින් දක්ෂතාවයක් ඇති විශාල පිරිසක් සිටිනවා.

ඒ අනුව අද වනවිට සමාජයේ අප සංගමය කෙරේ විශාල පිළිගැනීමක් ඇතිව තිබෙනවා.

එය අප සංගමයක් වශයෙන් ලැබූ ජයග්‍රහණයක්ද වනවා. ඒ අනුව ඉදිරියටත් අප අතර ඇති ගායන, නර්තන, නිර්මාණශීර්, විවිධ දක්ෂතාවයන් ඇති අයට සමාජයේ ඉහළට යාමට හැකි පරිසරයක් ගොඩ නගනවා.මෙම අවස්ථාවට සංගමයේ ලේකම් ජනේශ් චන්දිමාල්, උපසභාපති සචින් රත්නවීර, උපලේකම් චමීර, කාරක සභික දීපිකා, දිනුර, ෂෝන්, ශර්මා, කුමාරි, මනෝජ්, දිනිති ඇතුළු සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
 එච්.එම්. ධර්මපාල