
කළුතර පැල්පොළ තොටුපළ පාරේ පොසොන් උත්සවය නිමිත්තෙන් පවත්වන ලද හොල්මන් මන්දිරයකට බීමතින් ඇතුළුවූ පුද්ගලයන් තිදෙනෙකු එහි යක්ෂයෙකු ලෙසින් පෙනී සිටි 13 හැවිරිදි පාසල් සිසුවෙකුට රෝහල්ගත වෙන්නම පහරදුන් පුවතක් වාර්තාවේ.
කළුතර උතුර පැල්පොළ තොටුපළ පාරේ පදිංචි ඒ.ඩී. සිතුම් ලක්මිණ නමැති පාසල් සිසුවෙකු මෙලෙස පහරකා රෝහල්ගත කර ඇති බව කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. ප්‍රදේශයේ කුඩා ළමුන් පිරිසක් එක්ව කාලයක පටන් වෙහෙස මහන්සිවී හොල්මන් මන්දිරය සකස් කර පොසොන් දින කිහිපය තුළ දී පවත්වා තිබේ. එහි තුන්වන දින රාත්‍රි ප්‍රදර්ශනය කරන අවස්ථාවේ බීමතින් පැමිණි තිදෙනෙකු භූත ගුහාවට ඇතුළුවී ඇති බව වාර්තාවේ.
පහරකා රෝහල්ගත කර සිටින ළමයා යක්ෂයෙකු ලෙසින් ඔවුන් ඉදිරියට කඩාපැන ඇති අතර, යකාට බියවූ බීමත් පුද්ගලයින් එහිදී උරණවූ බවත් තිදෙනාම යක්ෂයාගේ බෙල්ලෙන් අල්ලා පහරදී ඇති බව සඳහන් වේ.
පහරකෑ යක්ෂයා බිම වැටුණ පසු සංවිධානය කළ අනෙක් අය ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.
කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
( පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක)
Comments
Post a Comment
Your comment will be visible after approval