
සිද්ධිය වූ දිනයේ මියගිය දැරියගේ මිත්තනිය හා පියා සමඟ මවද ත්‍රිරෝද රථයෙන් මීගමුවට ගොස්
තිබූ අතර මව රැකියාවට යාම සඳහා මීගමුවෙන් බැස තිබුණි. අනතුරුව මිත්තණිය හා දැරිය ත්‍රිරෝද රථයේ පිටුපස අසුන්ගෙන නිවස කරා පැමිණෙමින් සිටියදී පියා ත්‍රිරෝද රථය
පදවන ඉදිරිපස අසුන වෙතට දැරිය සිය දෑත් යොමු කර එකවරම පිටුපස සිට පියාගේ ගෙල බදාගෙන
ඇති බවත් එම අවස්ථාවේදී පියාට රථය පාලනය කර ගත නොහැකි වී මාර්ගයෙන්
ඉවතට ඇදී ගොස් විදුලි කණුවක ගැටුණ බවත් වාර්තාවේ.
ඒ සමඟම දැරිය විසි වී ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරින් බරපතල තුවාල ලද දැරිය මියගියාය. පියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත. මිත්තණියටද සුළු තුවාල සිදුව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ එම්.ජී. හාන්‍යා හෙසල් ප්‍රනාන්දු නමැති වයස අවුරුදු එකහමාරක දැරියකි.
මීගමුව සිට මරදගහමුල දෙසට අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථය විදුලි කණුවක ගැටී අනතුර සිදුවන ආකාරය අසල්වාසීන්ද විස්තර කර තිබේ.
අනතුරින් පසු පියාගේ එක් පාදයක් බිඳී තුවාලවී ඇති අතර දියණිය එම ස්ථානයේම මියගොස් ඇති බව වාර්තා විය.
මෙලෙස අනතුරට ලක්වූ පවුල කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් තුවාල ලැබූ පියා මේ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා විය.

Comments
Post a Comment
Your comment will be visible after approval