
ඉරාන ජාතික කාන්තාවකට රඹුක්කන ප්‍රදේශයේ ආයුර්වේද ආයතනයක සේවය කරන පුද්ගලයකු විසින් කළා යැයි කියන ලිංගික අතවරයක් සම්බන්ධයෙන් කෑගල්ල පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ ඉරාන ජාතික කාන්තාව පසුගිය සතියේ මෙරට සංචාරයකට පැමිණ ඇති අතර, ඇය විසින් විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් සිටින අතරතුර මේ රඹුක්කන ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථානයට 7 දා ගොස් ඇත. ඒ අවස්ථාවේ ඇයට ප්‍රතිකර්ම කරන අතරතුර සැකකාර පුද්ගලයා විවිධ ලිංගික අතවර කළ බවට ඇය පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව එහි සේවය කළ අවුරුදු 47ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඊයේ (9) අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය පවසයි.
(රක්ෂණ ශ්‍රියන්ත)
Comments
Post a Comment
Your comment will be visible after approval