
ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදා හරින බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කළ බව කියන ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු සහ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාරිය විශ්‍රාමික කාන්තා පොලිස් කොස්තාපල්වරියකි. සැකකාර පොලිස්
පන්නිපිටියේ දෙපානම ප්‍රදේශයේ කාන්තාවක සමග අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති කොස්තාපල්වරයා අවස්ථා කීපයකදී එම කාන්තාව සමඟම ලිංගිකව
හැසිරී ඇති අතර එම ලිංගිකව හැසිරෙන දර්ශන නිලධාරියා විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර තිබේ.
එම සිදුවීම නිලධාරියාගේ බිරිය වන විශ්‍රාමික කාන්තා පොලිස් කොස්තාපල්වරිය විසින් දැන ගැනීමෙන් පසු ඒ සම්බන්ධව කතා කිරීමට පැමිණිලිකාරියට අඹේපුස්සට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති අතර ඇය හමුවීමෙන් පසු විශ්‍රාමික කාන්තා පොලිස් කොස්තාපල්වරිය විසින් එම වීඩියෝව ඇයට පෙන්වා එම දර්ශන අන්තර්ජාලයට මුදා හරින බවත්
එසේ නොකර සිටීමට නම් රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දෙන ලෙසටත් පවසා තර්ජනය කළ බව පැමිණිලි කර ඇතැයි පොලිසිය පැවසීය.
ඒ අනුව 49 හැවිරිදි එම නිලධාරියා සහ ඔහුගේ බිරිය වන 47 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval