
උතුරු කොරියාව ආසන්නයේ නව චන්ද්‍රිකා ඡායාරූප මගින් දකුණු කොරියාව සමඟ ඇති දේශසීමා බෙදීමට දැවැන්ත තාප්පයක් ඉදිකරමින් සිටින බවට බීබීසී නාලිකාව හෙළිදරව්වක් කර තිබේ.
සීමා මායිම ආසන්නයේ තාප්පයක් ලෙස පෙනෙන කොටස් ඉදිකරනු ඡායාරූපවල පැහැදිලිව දක්නට ලැබේ. උතුරු සහ දකුණු කොරියාව අතර දීර්ඝ කාලීන සටන් විරාමයක් පවතින අතර එය කඩ කළ හැකි මෙම ඉදිකිරීම හේතුවෙන් දෙරට අතර පවතින යුද මුක්ත කලාපය (DMZ) කිසියම් තර්ජනයකට ලක්වනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් උපුටමින් බීබීසිය වාර්තා කර තිබේ.
දෙරට අතර මෑත කාලීන ක්‍රියාකාරකම් අසාමාන්‍ය දෙයක් ලෙස සලකනු ලබන අතර ජාතීන් දෙක අතර ආතතීන් උත්සන්න වන අවස්ථාවකට දැන් පැමිණ ඇතැයිද තාප්පය ඉදිකරන්නේ මෙම පසුබිමේ බවද විශ්ලෙෂකයින් සඳහන් කර ඇත.
විශේෂඥයින් යෝජනා කරන්නේ උතුරු කොරියාව දේශසීමාවේ සිය හමුදා බලය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
යුද මුක්ත කලාපයෙහි උතුරු කොරියානු පැත්තේ ඉඩම් නිෂ්කාශනය පිළිබඳ සාක්ෂි ද හඳුනාගෙන ඇත, අලුතින් සාදන ලද ප්‍රවේශ මාර්ගයක් චන්ද්‍රිකා ඡායාරූපවල දැකිය හැකිය. මෙම ක්‍රියාකාරකම 1953 දී කොරියානු යුද්ධය නිමා කළ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමකි.
උතුරු කොරියාවේ මෑත කාලීන ක්‍රියාවන් තුළ දෙරට අතර යුද ස්වරූපයකට අවදානමක් මතුකර ඇති අතර දකුණු කොරියාව සමග එකමුතුකමේ සංකේත ඉවත් කිරීමටද ඔවුන් පසුගියදා කටයුතු කර තිබුණි.
ඉදිරි වසර තුළ කොරියානු අර්ධද්වීපයේ යුද ආතතීන් තවදුරටත් උත්සන්න විය හැකි බවට විහ්ලේෂකයින් අනතුරු අඟවා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval