
එඬේරමුල්ල ප්‍රදේශයේ දුම්රිය හරස්මාර්ගයක් හරහා අපරික්ෂාකාරීව ධාවනය කල මෝටර් රථයක් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් අද(08) උදැසන අනතුර ට ලක්විය.
මෙම අනතුර නිසා මෝටර් රථයේ ගමන්කළ දෙදෙනෙකු එතැනම මියගිය අතර ඔවුන්ගේ සිරුරු අනතුර සමග කැබලි විය.
වයස අවුරුදු 54 ක් වූ බියගම ප්‍රදේශයේ පුද්ගලයෙකු හා වයස අවුරුදු 34 ක් වූ කොළඹ පුද්ගලික අංශයේ රැකියාවක නිරත කාන්තාවක මෙහිදී මරණයට පත්විය.
(මේ දෙන්නා එකම පවුලක පියා හා දියණිය බවට සැපයූ මුල්වාර්තා වැරදි බවත් එවැනි සම්බන්ධයක් නැති බවත් පොලිසිය පසුව දන්වා තිබේ.)

Comments
Post a Comment
Your comment will be visible after approval