
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවූ දෙවන තරගය බංග්ලාදේශයට එරෙහිව අමෙරිකාවේ ඩලාස්හීදි පැවැත් විණි.
එහි කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 124 ක් රැස් කර තිබුණි.
බංග්ලාදේශයට තරගය ජය ගැනීමට නම් ලකුණු 125ක් ලබාගත යුතුවූ අතර නුවන් තුෂාරගේ පන්දු යැවීම හමුවේ මුල් පෙළ හා මැද පෙළ කඩාවැටීමත් සමග ශ්‍රී ලංකාවට ජයග්‍රාහී පසුබිමක් නිර්මාණය වූ නමුත් ඔවුන්ගේ අවසන් පිතිකරුවන් ඉලක්කය කරා ගමන් කර තිබුණි.
ඒ අනුව බංග්ලාදේශ පිල අවසන් ඕවරයේදී සිය ඉලක්කය සම්පූර්ණ කළේය.


Comments
Post a Comment
Your comment will be visible after approval