
යාල ජාතික වන උද්‍යානයේ ජීවත්වන සමනලුන් ඇතුළු කෘමි විශේෂ දඩයම් කර ජාන සොරකමේ යෙදී සිටි ඉතාලි ජාතික පිය පුතු දෙපොළක් යාල කටගමුව වන ජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව යාල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න සඳහන් කළේය. සමනලුන් බට් කූරන් ඇතුළු කුඩා කෘමින් අල්ලා මරණයට පත්කර රසායනික ද්‍රව්‍ය යොදා අසුරා විදේශ රටකට ගෙනයාම සඳහා සූදානම් කර තිබූ බහාලුම් සියයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිව තිබේ.
යාල සෆාරි ජීප් රථ රියැදුරෙකුගෙන් ලද තොරතුරකට අනුව සෝදිසි මෙහෙයුමක් දියත්කර කටගමුව වනජීවී නිලධාරීන්ට කොච්චිපතාන රජයේ රක්ෂිතයේ මෝටර් රථයක් නතර කර දැල් යොදා ගනිමින් සමනලුන් අල්ලමින් සිටි විදේශිකයින් දෙපොළ හමුව තිබේ. පසුව ඔහුගේ මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී එම අවස්ථාවේ අල්ලා ගත් සමනලුන් බෝතල්වල බහා තිබියදී අත්අඩංගුවටගෙන ඇති බවත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී දින කීපයක් තුළ ජීවග්‍රහනයෙන් අල්ලා මරණයට පත් කළ ජීවීන් වර්ග 400කට ආසන්න ප්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය යොදා අසුරා තිබිය දී අත්අඩංගුවට ගත් බවද වන ජීවිය පවසයි.
තිස්සමහාරාම අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු
කතරගම - කේ. ඩී. දේවප්‍රිය