woman-falls-60ft-death
ඉතාලියේ බෙහෙවින් ප්‍රකට සංචාරක ක්‍රියාකාරකමක් වන සිප්ලයින් ඔස්සේ ගමන් කිරීමක් අතරතුර අවාසනාවන්ත ලෙස එයින් ගැලවී බිමට ඇදවැටුණ කාන්තාවක මියගොස් තිබේ.

41 හැවිරිදි ගිස්ලේන් මවුටහිර් (Ghizlane Moutahir) ඉතාලියේ සිප් ලයින් අනතුරකින් ඛේදජනක ලෙස මිය ගියේ ඇගේ ආරක්ෂක පටි ක්‍රියා විරහිත වීම නිසාය. ඇය අඩි 60 කට වඩා වැඩි පහළකට වැටී මිය ගොස් ඇත.


සාක්ෂිකරුවන් පවසන්නේ ඉරිදා පස්වරුවේ අනතුර සිදුවන අවස්ථාවේ ඇය බිමට බැසීමට පෙර හදිසියේම පථයේ රේඛාව මත නතර වූ බවත් ඇය ගමන් කරන අතර ගුවනේ පටි සමඟ "අරගල" කිරීමට පටන් ගත් බව ඔවුන් දුටු බවත්ය. ගිලිහගිය ඇය ඉතාලියේ බිටෝ නිම්නය වෙත ඇද වැටුණි.
මියගිය කාන්තාව සමග ඇගේ ලේලියන් දෙදෙනා පැමිණ තිබූ අතර අනතුර අවස්ථාව ඔවුනගේ වීඩියෝවේ සටහන්වී තිිබී ඇත.



සහභාගිවන්නන්ට ඔවුන් පියාසර කරන ආකාරයක් හැඟවුම් කරන සිප්ලයින් සවාරිය, පැයට සැතපුම් 75 දක්වා වේගයෙන් ගමන් කරමින් ඇතැම් තැනක අඩි 750 කට වඩා ඉහළින් පියාසර කරයි.

සිප් ලයින් ක්‍රියාත්මක වන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව  ප්‍රකාශ කරමින් කියා සිටියේ ඔවුන් විමර්ශනයට සහයෝගය දක්වන බවයි.
ලක්ෂ 2 කට වැඩි පිරිසක් තම පථ ඔස්සේ ගමන් කර ඇති බවත් මේ දක්වා අනතුරු සිදුව නැති බවත් සමාගම පවසා ඇත.

ඛේදවාචකය නොතකා, සවාරියට සහභාගී වූ සමහර පුද්ගලයින් අනතුරින් පසුවත් ආරක්ෂිත පියවරයන් සහිතව අත්හදා බැලීමට කැමැත්ත පළ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.