
රුපියල් තුන්කෝටි තිස්ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ වායුසමන යන්ත්‍රයක කොම්ප්රෙෂරයක සඟවා, කුරියර් පාර්සලයක් ලෙස සීදුව කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් නමැති පෞද්ගලික බන්ධිත ගුදම් සංකීර්ණය වෙත එවා තිබියදී එය භාර ගැනීමට පැමිණි පුද්ගලයා ද සමඟ ඊයේ (20) පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අප්‍රිකානු රාජ්‍යයක් වන උගන්ඩාවේ සිට මෙම පාර්සලය කොළඹ, මෝදර ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ අතර, එය භාර ගැනීමට එම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කුලී රැකියාවක නිරත මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණයෙකු සීදුව පිහිටි බන්ධිත ගුදම වෙත පැමිණ සිටි අතර ඔහු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඉන්පසුව ඔහු ඉදිරිපිට දී මෙම කොම්ප්‍රෙෂරය ගලවා පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ ග්‍රෑම් 483ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබුණි.
මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය අඩංගු පාර්සලය ඉකුත් 11 දින සීදුව කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් බන්ධිත ගුදම වෙත ගුවන් තැපැල් සේවය ඔස්සේ ලැබී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා භාර ගැනීමට සීදුව බන්ධිත ගුදම වෙත පැමිණි කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි තරුණයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
කටුනායක - ටී.කේ.ජී.කපිල
Comments
Post a Comment
Your comment will be visible after approval