
මිල අධික සුවඳ විලවුන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා තල්මසුන්ගේ වමනය හෙවත් අම්බරු කිලෝ විසි තුනක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 34 සහ 40 වයසේ පසුවන දෙදෙනකු බව පොලිසිය කියයි.පොලිස් විශේෂ කාර්ය බළකාය පුත්තලම කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එස්. පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් කල්පිටිය පොලිස් වසමේ කුරුඤ්ඤන්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී ජාවාරම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු සන්තකයේ මෙම අම්බරු තොගය තිබී පොලිස් භාරයට ගත් බව පැවසේ.
පොලිස් භාරයට ගත් මෙම අම්බරු ඉතා වටිනාකමකින් යුතු වන අතර මෙහි විශේෂත්වය වනුයේ අම්බරු ස්පර්ශ කළ විට එහි දැඩි සුගන්ධය ස්පර්ශ කළ තැන් සේදුවද බොහෝ වෙලා යනතුරු ද රැඳී තිබීමයි.මෙම අම්බරු ලොව ප්‍රමුඛ පෙළේ සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා භාවිත කරන දුර්ලභ අමුද්‍රව්‍යයක් බවට විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි පැවසේ. අත්අඩංගුවට ගත් අම්බරු තොගයේ වටිනාකම රුපියල් කෝටි එක හමාරකට අධික බව කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කරුවල ගස්වැව වනජීවී කාර්යාලයට බාර දී තිබේ.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval