
ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දු පාකිස්තාන තරගයට අයි.එස්. ත්‍රස්ත තර්ජන එල්ල වී ඇත.ඉන්දු පාකිස්තාන තරගයට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කර ඇත්තේ ‘අයි.එස්. කේ' ත්‍රස්ත කල්ලියයි. ‘අයි.එස්.කේ’ හෙවත් ‘අයි.එස්. කොරසාන්' යනු,
ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියකි.මෙම ත්‍රස්ත කල්ලිය ඇෆ්ගනිස්තානයේ කොරසාන් පළාත කේන්ද්‍රකර ගනිමින් බිහිවූයේ, සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක වූ ප්‍රධාන අයි.එස්. සංවිධානය බටහිර ප්‍රහාර හමුවේ අඩපණ වෙද්දීය.
අයි.එස්.කේ. ත්‍රස්ත කල්ලිය ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයටත්, බාධාවක් වී ඇත. ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නෝ මොවුහුය.විස්සයි 20 ලෝක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දු පාකිස්තාන තරගයට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කරමින් ‘අයි.එස්.කේ' ත්‍රස්ත කල්ලිය වීඩියෝවක් නිකුත් කර ඇති බවත්, එම තර්ජනය කිසිසේත් සුළුකොට තකන්නේ නැති බවත් ක්‍රිකට් තරගය පැවැත්වෙන නිව් යෝක් ජනදපයේ, නසෝව් ප්‍රාන්ත පොලිස්පති පැට්‍රික් රයිඩර් පැහැදිලි කර ඇත.එළැඹෙන ජූනි 6 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දු පාකිස්තාන තරගයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද පොලිස්පතිවරයා දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval