tm-dilshan-father-passed-away

ශ්‍රී ලංකා හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන්ගේ ආදරණීය පියාණන් වන, තුවාන් මොහොමඩ් ජුනයිඩීන් අද (07දා) අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට 71 වැනි වියේ පසුවූයේය. ඔහු අසනීප තත්වයෙන්
කළුතර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.


ටීඑම් ඩිල්ෂාන් බිරිය හා දරුවන් සමග මේ වනවිට ඕස්ට්‍රෙලියාවේ සිථිර පදිංචියට ගොස් සිටී.
මොහොමඩ් ජුනයිඩීන් මහතාගේ අවසන් කටයුතු කළුතර පළාතොට පොදු සුසාන භුමියේදී අනිද්දා (09දා) සිදුකිරීමට නියමිතය.